ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. අද තරගය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින
ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටියා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. අද තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 05 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 300 ක්. අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 06 ක් ලබාසිටි සාරන්ස් ජේන්ස්. ඊයේ දිනයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ රිෂාබ් පාන්ට් අද යළිත් පන්දුවට පහරදීමට පැමිණ සිටියා.
ඔහු ඉන්දීය ඉනිමේ 7 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 63ක් ලබා සිටියදී. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩෲව් ජුරෙල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115ක්. ඔහු අද ලබාගත්තේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකයයි. ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ හෙලුවා.
අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, ලහිරු උදාර සහ කමිල් මිෂාර. පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර එක් ලකුණකට දැවී ගිය අතර, ප්‍රභාත් ජයසූරිය රැස් කළේ, ලකුණු 2 ක් පමණයි.