ආසියානු ක්රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරගයකින් ජය වාර්තා කිරීමට දුමිදු වර්ණක සමත් වුණා. ඒ නේපාල ක්රීඩක ප්රාෆුල් මහර්ජන් පරාජය කරමින්.
ආසියානු ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙනවා. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බැඩ්මින්ටන් තරග සදහා සහභාගී වූ පළමු ක්රීඩකයා වන්නේ දුමිදු වර්ණක. ඔහු තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 21 ට 6 ක් ලෙසයි. ඔහු දෙවැනි වටය ලකුණු 21 ට 8 ක් ලෙස ජය ගත්තා. ඒ අනුව තරගය දුමිදු වර්ණක ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි.
මේ අතර මේස පන්දු කාන්තා කේවල දෙවැනි වටයේ තරගකට සහභාගී වූ බිමන්දි බණ්ඩාර ඉන් පරාජයට පත් වුණා. ඒ කොරියානු ක්රීඩිකා ජෝ චෙන්හුයි සමගයි. එම තරගයෙන් වූ බිමන්දි බණ්ඩාර පරාජයට පත් වුණේ ලකුණු 4 ට 0 ක් ලෙසයි. ලකුණු තත්වය දැක්වුණේ 11-8 ක්, 11 ට 7 ක් , 11 ට 2 ක් සහ 11 ට 4 ක් ලෙසයි.