වෙළඳ සේවා ක්රිකට් සංගමයේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය අප ආයතනයට හිමි වූ අතර 33 වන වරටත් සංවිධානය කරනු ලබන Singer-MCA Super Premier League T20 (2026) ක්රිකට් තරඟාවලියේ නිල විකාශන හා නිෂ්පාදන සහකරු ලෙස Sporty.lk කටයුතු කරයි.
වෙළඳ සේවා ක්රිකට් සංගමය (MCA) සහ සිංගර් ශ්රී ලංකා සමාගම අතර පවතින වසර 33 ක අඛණ්ඩ සබඳතාව ඇගයීමට ලක් කරමින් පැවැත්වුණු විශේෂ මාධ්ය හමුවේදී මේ බව නිල වශයෙන් දැනුම් දෙන ලදී.
මෙම තරඟාවලිය යටතේ පැවැත්වෙන සියලුම තරඟ සජීවීව (Live) ක්රිකට් ලෝලීන් වෙත සමීප කිරීමට Sporty.lk සූදානමින් සිටී. මෙවර තරඟාවලිය සඳහා ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඇතුළුව ප්රබල කණ්ඩායම් 7 ක් තරඟ වදින අතර, නොවැම්බර් මුලදී ආරම්භ වන T20 තරඟාවලිය සඳහා කණ්ඩායම් 8 ක් එක්වීමට නියමිතය.
එසේම මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය නොවැම්බර් පළමුවෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියද Sporty.lk යූටියුබ් නාලිකාව හරහා ඔඅබට නැරඹිය හැකියි.
වෙළඳ සේවා ක්රිකට් ක්ෂේත්රයේ සියලුම ප්රමුඛ තරඟ සජීවීව ප්රේක්ෂකයින් වෙත ගෙන ඒමට Sporty.lk නිරන්තරයෙන් කැපවී සිටියි.