වසර හැත්තෑ තුනකට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායමට එරෙහිව තරගයක් ජය ගැනීමට වේල්ස් රග්බි කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ නේශන්ස් කුසලාන රග්බ් තරගාවලිය යටතේ ඊයේ වේල්ස්හි කාඩිෆ් ක්‍රීඩාංගනයේ පැවති තරඟය ජයගනිමින්.
අවසන් වරට වෙල්ස් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර රග්බි තරගයක් ජයගෙන තිබුණේ 1953 වසරේදීයි.
මෙම තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 21- 21 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවුණා.
නියමිත කාලය අවසන් වුනේ ලකුණු 35 ට 28 ක් ලෙස වේල්ස් කණ්ඩායමට ජය හිමි කර දෙමින්.