ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම අතර තරගය කඩුලු 6කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. මේ ඔවුන් මේ දක්වා තරගාවලියේ පිට පිට ලැබූ සිව්වන ජයග්‍රහණයයි.
මුලින් පන්දුවට පහරදුන් RCB කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 163යි.
RCB කණ්ඩායම වෙනුවෙන් ෆිල් සෝල්ට් ලකුණු 37ක්, රජත් පතිදාර් ලකුණු 25ක් හා විරාත් කෝලි ලකුණු 22ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී විප්‍රාජ් නිගම් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් ලබගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ DC පිතිකරුවන් පන්දුවාර 17.5දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 169ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
විශිෂ්ට පිතිකරණයක් දක්වමින් කේ එල් රාහුල් නොදැවී ලකුණු 93ක් ලබාගත්තා. ඔහුට සහය දැක්වූ ට්‍රිස්‍ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 38ක් ලබාගත්තා.
RCB වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර් කඩුලු 2ක් දවාගත්තා.
තරගයේ වීරයා ලොකේෂ් රාහුල්.