මේ දිනවල මතු වී ඇති ඉන්දියා පකිස්තාන් යුධ ගැටුම් නිසා 10 වන පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග UAE හීදී පැවැත්වීමට තරගාවලි සංවිධායකයින් තීරණය කොට ඇත.
තරගාවලියේ මේ දක්වා තරග 26ක් පවත්වා අවසන් අතර තවත් තරග 8ක් ඉතිරිව පවතී.
ඊයේ දින රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට නියමිතව තිබූ කරච්චි කිංග්ස් හා පෙෂාවර් සල්මි කණ්ඩායම් අතර තරගය කල්දැමුණු අතර පකිස්තාන් ක්‍රිකට් ආයතනය මගින් හදිසි රැස්වීමක් කැඳවා, එහි සභාපති මොෂීන් නක්වි විදේශ ක්‍රීඩකයන් හට දැනුම් දී ඇත්තේ තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
නැවත සැලසුම් කළ තරග දින හා ක්‍රීඩා පිටි පිළිබඳව තවම දැනුම් දීමක් කොට නැහැ.
කෙසේ වෙතත් පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යයන්තර තරග කාලසටහනට බාධා නොවීමටනම්, තරගාවලිය නැවත ආරම්භ කිරීමට වැඩි කාලයක් ලබාගත නොහැකි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.