ඉරිදා, ඔක්. 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

By Pradeep Gurusinghe
Published: ජූනි 10, 2026
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ කෙරුණා. ඉන්දීය ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති ආරම්භක තරගයෙන් ලකුණු 8ක ජයක් ලැබිමට ඉන්දීය ඒ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසියෙන් පසුව පලමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කන්ඩායම තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 6ට ලකුණු 277ක් ලබාගත්තා.

රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 101ක් ලබාගත් අතර නායක තිලක් වර්මා ලකුණු 60ක් හා ප්‍රියාන්ශ් ආර්‍යා ලකුණු 32ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවාගනිද්දී, චාමික කරුණාරත්න, ගරුක සංකෙත් හා වනුජ සහන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුවල වූ අවිශ්ක ප්‍රනාන්දු හා නිරෝශන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී දික්වැල්ල ලකුණු 47ක් හා අවිශ්ක ලකුණු 45ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමේදී සාර්ථක ආරම්භයක් ලබාගත්ත ද එය තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූයේ නැහැ. නායක සහන් ආරච්චිගේ ලකුණු 74ක් ලබාසිටියදී 7 වන කඩුල්ල ලෙස දැවීයද්දී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 262ක් ලබාසිටි නමුත් ලකුණු 269ට ඉතිරි සියලු කඩුලු දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී අර්ෂාද් කාන්, අනුකුල් රෝයි, ආයුෂ් බදෝනි හා විප්රාජ් නිගම් කඩුලු 2 බැගින් දවාගත්තා.

තුන්කොන් තරගාවලියේ මීළඟ තරගය ඇෆ්ගනිස්ථාන් ඒ කණ්ඩායම හා ඉන්දියානු ඒ කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට
Next Article කාන්තා ලෝක කුසලානයේ දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලාන පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Steve Smith
ක්‍රිකට්

ස්ටීව් ස්මිත් එක්දින පිටියට සමුදෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තුන්කොන් සටනේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?