එංගලන්තය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 175ට දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
එංගලන්තය වෙනුවෙන් ජෙමී ඕවර්ටන් ලකුණු 42ක් ලබාගත් අතර නායක හැරී බෲක් ලකුණු 34ක් ලබාගත්තා.
එංගලන්ත පිතිකරණ ලැයිස්තුව දන ගස්සමින් නවසීලන්තයේ බ්ලෙයාර් ටික්නර් ලකුණු 34ට කඩුලු 4ක් හා නේදන් ස්මිත් ලකුණු 27ට කඩුලු 2ක් දවාගත්තා.
මෙම පහසු ඉලක්කය හඹාගිය නවසීලන්ත පිතිකරුවන් 32වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවීයමින් ජයග්‍රහණය ලබාගත්තා.
රචීන් රවීන්ද්‍ර ලකුණු 54ක් හා ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 56ක් ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් ජොෆ්‍රා ආචර් කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගත්තා.