ඔස්ට්‍රේලියාව සමග පැවැති 02 වැනි එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට පකිස්ථානය සමත් වුණා.
තරගය පැවැත්වුණේ ඇඩිලේඩ්හිදී.
පපළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 35 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.
ස්ටීවන් ස්මිත් ලකුණු 35 යි.
පන්දු යැවීමේදී හාරිස් රවුෆ් කඩුලු 5 ක් සහ ශහීන් ශා අෆ්රිඩී කඩුලු 3 ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස පාකිස්තානය තරගය ජය ගත්තේ පන්දු වාර 26යි පන්දු 3කදී කකඩුල්ලක් දැවී ලකුණු 169ක් රැස් කරමින්.
සයිම් අයුබ් ලකුණු 82 යි.
අබ්දුල්ලා සාෆික් නොදැවී ලකුණු 64ක් රැස් කලා.
මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1 ලෙස සම තත්ත්වයට පැමිණියා.