2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ තුන්වන තරගය ඊයේ පාකිස්තානය හා බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු ඉනිමේ සියලු කඩුලු මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 129ට සීමාකරමින් දැවී ගියා.
පාකිස්තානු ඉනිමේ ලකුණු 20 සීමාව පසුකළේ රමීන් ශමීම් (23) හා ෆාතිමා සනා (22) පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෝමා අක්තර් ලකුණු 5ට කඩුලු 3ක් දවාගත්තා. මීට අමතරව මරූෆා අක්තර් හා නහීදා අක්තර් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 31.1 කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
බංග්ලාදේශය වෙනුවෙන් රුබෙයියා හයිදර් නොදැවී ලකුණු 54ක් හා ශොබනා මොස්තරි නොදැවී ලකුණු 24ක් ලබාගත්තා.
ඒ අනුව මෙවර ලෝක කුසලානයේ පළමු තරගය කඩුලු 7කින් ජයගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමත් වුණා.
තරගයේ වීරයා මරූෆා අක්තර්.