බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රෙලියාව කඩුලු 3කින් ජයග්‍රහණය කළා. තරගය පැවැත්වුණේ කිංග්ස්ටන් හිදී.
කාසියේ වාසිය දිනා ඔස්ට්‍රේලියාව මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 189ක් ලබාගත්තා.
කොදෙව්වන් වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 55ක් හා රොස්ටන් චේස් ලකුණු 60ක් ලබාගත්තා. පන්දු යැවීමේදී බෙන් ඩ්වාශිෂ් කඩුලු 4ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් 19වන පන්දුවාරයේදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 190ක් ලබාගෙන ජයග්‍රහණය ලබාගත්තා.
කැමරන් ග්‍රීන් ලකුණු 51යි, මිචෙල් ඔවෙන් ලකුණු 50යි. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර්, අල්සාරී ජෝසෆ් හා ගුඩාකේස් මෝටි කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා මිචෙල් ඔවෙන්.