ඊයේ දින පැවති 2025 අයි පී එල් තරගාවලියේ 49 වන තරගය චෙන්නයි සුපර් කිංග්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර චෙන්නයි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට පංජාබ් කිංග්ස් සමත් වුණා.
කාසියේ වාසිය දිනූ පංජාබ් කිංග්ස් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් සිය ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගත්තා.
තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පන්දු 47ට ලකුණු 88ක් ලබාගත්තා. ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 32යි.
පන්දු යැවීමේදී චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහාල් කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 4ක් ලබාගත්තා. ආර්ෂ්දීප් සිංග් හා මාකෝ ජැන්සන් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම සිය ඉනිමේ තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6ට ලකුණු 194ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.
ශ්‍රේයස් අයියර් පන්දු 41ට ලකුණු 72යි. ප්‍රබ්සිම්‍රන් සිං ලකුනු 54යි.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ හා කලීල් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමගින් පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානයට ලඟාවුණා.
මේ වනවිට ප්‍රබල පසුබෑමක සිටින චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 10න් තරග 8ක් පරාජය වී තිබෙනවා. ඒ අනුව බොහෝදුරට චෙන්නයි කණ්ඩායමට අවසන් සිව් දෙනා අතරට යෑමට නොහැකි වී යාහැකිය.