එක්සත් අරාබි එමීර් හිදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ පැවැති අවසන් තරගයේදී අයර්ලන්තය ඒ කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා , ඇෆ්ගනිස්තාන සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වුණා.
අබුඩාබි හිදී පැවැති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කණ්ඩායම පන්දු වාර 47.3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 200 ක් රැස් කලා.
මෝර්ගන් ටොපින් ලකුණු 73 යි.
පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4 ක් සහ මිලාන් රත්නායක කඩුලු 3 ක් බිද හෙලුවා.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 34.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් රැස් කරමින්.
මිලාන් රත්නායක සහ පවන් රත්නායක නොදැවී ලකුණු 77 බැගින් ලබා ගත්තා.
තරගයේ වීරයා මිලාන් රත්නායක.