තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිය හැකි බවයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගීවන මෙම තරගාවලිය ආරම්භ කෙරුණේ, ඉකුත් මස 27 වැනි දිනයි.
මූලික වටයේ තරගවලින් අනතුරුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර හෙට පෙරවරු 10.00 ට එම තරගය ආරම්භ කෙරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ, ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ප්‍රවේශ වීම සඳහා උදේ 9.00 සිට අවස්ථාව සැලෙසන බවයි.