ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද තුන්වැනි දිනටත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවත්වෙනවා.
ඊයේ දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 4ක් දැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියා.
ඒ ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 212ට පිළිතුරු ලෙසයි.
නමුත් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.
ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනීම ලකුණු 138කට සීමා වුණා.
ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 45ක් රැස්කලා.
ඕස්ට්‍රේලියාව වෙනුවන් පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 6ක් බිදහෙලන්නට සමත් වුණා.
සිය දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ද ලකුණු රැස් කිරීම එතරම් පහසු වුණේ නැහැ.
දිනයට තරගය අවසන් කරන විට ඕස්ට්‍රේලියානු දෙවන ඉනීම සටහන් වුණේ කඩුලු 8කට ලකුණු 144ක් ලෙසයි.
ඕස්ට්‍රේලියාව වෙනුවන් ඇලෙක්ස් කෙරී ලකුණු 43ක් රැස්කලා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දින දෙක තුළදීම කඩුලු 14බැගින් දවාගැනීමට දෙපිළේම පන්දු යවන්නට හැකිවීම විශේෂත්වයක්.
මේ වන විට ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 216 ක් ඉදිරියෙන් පසුවනවා.
තරගය අද තුන්වැනි දිනය සඳහා ශ්‍රී ලංකාවේලාවෙන් සවස තුනට ආරම්භ වීමට නියමිතයි.