ඊයේ පැවති පන්ජාබ් කිංග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවති අයි පී එල් 32 වන තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලබාගත්තේ ලකුණු 111ක් පමණයි.
ප්‍රබ්සිම්රන් ලකුණු 30යි. ප්‍රියාන්ෂ් ආර්‍යා ලකුණු 22යි.
පන්දු යැවීමේදී හර්ෂිත් රනා කඩුලු 3ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 95ක් පමණයි.
අන්ග්ක්‍රිෂ් රඝුවන්ෂි 37යි. යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 4යි.
තරගයේ වීරයා යුස්වේන්ද්‍ර චහාල්.