ඊයේ පැවති රාත්‍රී IPL තරගයෙන් ලකුණු 18ක ජයක් ලබාගැනීමට පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමට එරෙහිවයි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන්නේ PBKS කණ්ඩායමයි. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට ඔවුන් සමත් වුණා.
ඉන්දීය ක්‍රිකට් වංශ කතාවට එකතුවීමට නියමිත තවත් තරුවක් වශයෙන් ඊයේ දින විචාරකයන් හඳුන්වා දුන් ප්‍රියාන්ෂ් ආර්යා පන්දු 42ට ලකුණු 103ක් ලබාගත්තා. ඒ ඉන්දීය ක්‍රීඩකයෙක් ලබාගත් දෙවන වේගවත්ම ශතකයයි.
ආර්යාට අනගි සහයක් දක්වමින් ශෂාන්ක් සිං නොදැවී ලකුණු 52(36)ක් හා මාකෝ ජැන්සන් නොදැවී ලකුණු 34(19) ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී CSK වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 2ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් ලබාගත්තා. ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ කඩුලු ලබාගත්තේ නැහැ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ CSK කණ්ඩායමට ඉනිම අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 5ට ලකුණු 201ක් පමණයි.
ඩෙවෝන් කොන්වේ 69(49). ෂිවාම් ඩුබේ 42(27).
PBKS වෙනුවෙන් ලොකී ෆර්ගසන් 2ක් හා යෂ් තාකූර්, ග්ලෙන් මැක්ස්වෙක් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
තරගයේ වීරයා ප්‍රියාන්ෂ් ආර්යා.