ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ අබුඩාබි හීදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 81කින් ඇෆ්ගනිස්තානය ජයගැනීමට සමත් වුණේ ඔවුන්ගේ විශිෂ්ට පන්දු යැවීමේ තරම නැවතත් ලෝකයට පෙන්වමින්.
කාසියේ වාසිය ජයගත් ඇෆ්ගන් නායකයා මුලින්ම පිතිකරණය තෝරාගත්තා.
පිතිකරණයේදී ඔවුන් බලාපොරොත්තු වූ ලකුණු ප්‍රමාණයට යෑමට අවස්තාවක් නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නන් ලකුණු 190ට සියලු කඩුලු දවාගත්තා.
අනෙක් අන්තයෙන් කඩුලු බිඳවැටෙද්දී හුදෙකලා ඉනිමක නිරත වූ ඊබ්‍රහීම් සද්‍රාන් ශතකය පෙනි පෙනී ලකුණු 95ට දැවී ගියා.
ඇෆ්ගන් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවකු වන රහ්මත් ෂා හට පිතිකරණයේ යෙදී සිටියදී පාදයේ ඇතිවූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවීම ඇෆ්ගන් කණ්ඩායමට තවත් අමතර පීඩනයක් වුණා.
අබුඩාබි පිටියේ කණ්ඩායමක් එක්දින තරගයක පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණා.
ලකුණු 191ක පහසු ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 109කට දවාගැනීමට ඇෆ්ගන් පන්දු යැවීමේ බලඇණිය සමත් වුනේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින්.
නැවත නැවතත් සිය දඟ පන්දුවේ ශක්තිය පෙන්වූ රශීඩ් කාන්, ලකුණු 17ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.
තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලා ඔමර්සායී ලකුණු 27ට කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව ලකුණු 81කින් මෙම දෙවන එක්දින තරගයත් ජයගත් ඇෆ්ගන් කණ්ඩායම, තව තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස එක්දින තරගාවලියේ ජය ලබාගත්තා.