2025 ආසියානු කුසලාන තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ඒ ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමෙන් පසුවයි.
එම ජයග්‍රහණයත් සමග ඉන්දියාව තරගාවලියයේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
ඩුබායි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 ඇතුලත කඩුලු 6 කට ලකුණු 168 ක් රැස් කලා.
පිලිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 19.3 කදී
සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 127ක් පමණයි.
සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තරගයක් අද බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමගින් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇතියි.
ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර වටයේ මුහුණ දුන් තරග දෙකම පරාජයට පත් වුණා.
සුපිරි කණ්ඩායම් හතර වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ඉන්දියාවට එරෙහිව හෙට තරග වැදීමට නියමිතයි.