ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය කඩුලු හතරකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව පැවති තරඟ දෙකම ජය ගනිමින් බී කාණ්ඩයේ පෙරමුණට පැමිණ තිබෙනවා.
ඩුබාහිදී පැවතී තරගයේ පළමුවෙන් පන්දුවච පහර දුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 4 ක්දැවී ලකුණු 149 ක් රැස් කලා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් රැස් කරමින්.
පැතුම් නිස්සංක තම 17 වැනි 20/20 අර්ධ ශතකය සමඟ ලකුණු 68 ක් රැස්කළා.
කුසල් පෙරේරා සහ වනිදු හසරංග ලකුණු 20 බැගින් රැස්කළා.