ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි 20-20 තරගය ද ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ, ලකුණු 29කින්.
තරගය පැවැත්වුණේ, දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 09ක් දැවී ලකුණු 138ක් රැස් කළා.
රශ්මි නෙත්රාන්ජලී සහ සංජනා කාවින්දි ලකුණු 24 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී ඒවා ඩෲලී කඩුලු 03යි.
පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 ඇතුළත කඩුලු 09ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 109ක් පමණයි. ශිලෝ ජුලියන් සහ සමාරා දුල්වින් ලකුණු 22 බැගින් රැස් කළා.
අශේනි තලගුණේ සහ ශෂිනි ගිම්හානි අතර කඩුලු 02 බැගින් බෙදී ගියා. මෙම තරගාවලියේ පළමු 20-20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 25කින්.