සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 45ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ නොටිංහැම් හීදී.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහර දී කඩුලු 6ට ලකුණු 565ක් ලබා ඉනිම අත්හිටවූවා.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔලී පෝප් ලකුණු 171ක්, බෙන් ඩකට් ලකුණු 140ක් හා සැක් ක්‍රෝලී ලකුණු 124ක් ලබාගත්තා. පන්දු යැවීමේදී බ්ලෙසිං මුසරබානි එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබාගත්තා.
බ්‍රයන් බෙනට් ලකුණු 139ක් ලබාගත්තා. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ෂොයිබ් බසීර් කඩූ 3ක් දවාගත්තා.
නැවතත් පන්දුවට පහරදීමට ආරධනා ලත් සිම්බාබ්වේ කණ්ඩායමට දෙවනි ඉනිමේදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 255ක් පමණයි.
සිම්බාබ්වේ දෙවන ඉනිම වෙනුවෙන් සෝන් විලියම්ස් ලකුණු 88ක් හා සිකන්දර් රාසා ලකුණු 60ක් ලබාගත්තා. සිම්බාබ්වේ දෙවනි ඉනිමේ කඩුලු 6ක් බිඳහෙලීමට ෂොයිබ් බසීර් සමත් වුණා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඉනිමක හා ලකුණු 45ක ජයක් ලැබීමට සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය ෂොයිබ් බසීර් හිමි කරගත්තා.