ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 95 වන සුලෝහිත සංග්‍රාමය අද කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා.
ඉතිහාසයේ පළමුවතාවට මෙවර තරගය පැවැත්වෙන්නේ තුන්දින තරගයක් ලෙසයි.
අද දිනයේ කාසියේ වාසිය දිනාගත්තේ නාලන්දා විද්‍යාලය වන අතර ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.
මෙවර නාලන්ද විද්‍යාලයේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරන අතර ආනන්ද විද්‍යාලයේ නායකත්වය දරන්නේ ආශිංෂ නයිනායක යි.
මෙවර සුලෝහිත සංග්‍රාමය පන්දුවෙන් පන්දුව සජීවීව නැරඹීමට එකතුවන්න අපගේ sporty.lk යූටියුබ් නාලිකාව සමගින්