වයස අවුරුදු 17 න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ජය හිමිකර ගැනීමට නේපාල කණ්ඩායම සමත්වුණා.
රටවල් 7 ක සහභාගීත්වයෙන් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණේ, කොළඹ තුරග තරග පිටියේ දී.
මෙහි පළමු තරගය පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ නේපාලය අතරයි.
එහි පළමු අර්ධය නිමා වන විට දෙපිලටම කිසිඳු ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. දෙවැනි අර්ධයේ දී නේපාල කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා.
තරගය අවසානයේ ගෝල දෙකට බිංදුවක් ලෙස ජය හිමි කර ගත්තේ, නේපාල කාණ්ඩායමයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි තරගයේ දී බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි.