2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත්වුණා.
ගෝල 2 – 1ක් ලෙසින් ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළා.
මේ අතර ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයින් තීරණය වුයේ දඬුවම් පහර මගීන්.
එහිදී 5-3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්වුණා.
මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියනෝ රොනාල්ඩොගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙසයි සැළකෙන්නේ.