සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2026
©Getty Images
බෙදාගන්න

fifa ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරඟයෙන් ගෝල දෙකට බිංදුවක් ලෙස ජය වර්තාා කිරීමට මෙක්සිකාව සමත් වුණා .

ඒ දකුණු අප්‍රිකාව පරාජය කරමින්.

තරගය නැරඹීම සඳහා ඓතිහාසික මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු තරගය ලෙසයි මෙය පැවැත්වුණේ.

තරගය ආරම්භයේ සිටම සත්කාරක මෙක්සිකෝ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 9 වැනි මිනිත්තුවේදී මෙක්සිකෝ ඉදිරිපෙළ ක්‍රීඩක ජූලියන් කිනෝනස් (Julián Quiñones), තරගයේ පළමු ගෝලය වාර්තා කලා.

ඒ අනුව පළමු අර්දය නිමාවුණේ ගෝල 1-0 ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගනිමින්

තරගයේ දෙවන අර්ධයේදී ද සිය ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙක්සිකෝව සමත් වුණා.

හිදී රොබර්ටෝ අල්වරාඩෝ (Roberto Alvarado) වෙතින් ලැබුණු විශිෂ්ට පන්දු යොමු කිරීමක් (Assist) ඉතා සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට මෙක්සිකෝ කණ්ඩායමේ 9 අංක දරන සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක රාවුල් ජිමිනෙස් (Raúl Jiménez) සමත් වුණා.

මෙම ගෝලයත් සමඟ මෙක්සිකෝව තරගයේ ලකුණු තත්ත්වය 2-0 ක් ලෙස ඉහළ නංවාගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කලා.

තරගය අවසන් වන විට මෙක්සිකෝ කණ්ඩායම ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වාත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩකයින් 9 දෙනෙකු දක්වාත් සීමා වී තිබුණේ සමාරම්භක තරගයේදීම දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීම හේතුවෙන්.

ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අතර, ආරම්භක තරඟයකදී පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වනවා.

පෙර ලිපිය 2026 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹේ
Next Article කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.
Sponsored

You Might Also Like

පාපන්දු

ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

චෙක් ජනපදය හා දකුණු අප්‍රිකාව අතර තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?