පසුගිය මස 27 වනදා සිට පෙරේදා දින (ඔක්.5) දක්වා රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (ඔක්.07) අලුයම දී දිවයිනට පැමිණියහ.
මෙම තරඟාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6 යි දශම 4 යි 6 ක් පනිමින් නුවන් ඉන්දික ලෝකඩ පදක්කම දිනාගත් අතර මීටර 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානු තරඟ වාර්තාවක් ද තබමින් එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදී පිළිගනු ලැබීය.