35th YOUTH SPORTS FEST 2025 දිස්ත්‍රික් ක්‍රීඩා උලෙළ පසුගියදා යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වූ අතර, එහි කණ්ඩායම් තරඟ ඉසව් පසුගියදා අවසන් විය.
දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේ ය. අනු ශුරතාවය පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලය හා තෙවන ස්ථානය නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්හ.
ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලවල් අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා, ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ/ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික චතුර පීරිස් සහ නිලධාරීන්ද සහභාගී විය.