2027 ලෝක කුසලාන රග්බි තරගාවලිය වෙනුවන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන ආසියානු ශූරතා පලමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන තරගය පස්වරු 4ට කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
දකුණු කොරියාව මේ වන විට රග්බි ශ්‍රේණිගතකිරීම් 35 වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව එහි 39වැනි ස්ථානයේ පසුවනවා.
අද තරගය වෙනුවන් තරින්ද රත්වත්තේ කණ්ඩායම මෙහෙයවන අතර ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගවුඩර් ද කණ්ඩායමට ඇතුළත්.
තරින්ද රත්වත්තේ (නායක),සෙනුර පෙරේරා, පුලස්ති දසනායක, තනුජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, ළහිරු තිලකරත්න, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, හේෂාන් ජන්සෙන්ට, දිනාල් ඒකනායක, ආකාෂ් මධුශංක, ඇඩම් ගවුඩර්, පසිඳු බණ්ඩාර, මුර්ෂීඩ් දොරේ යන ක්‍රීඩකයින් අද ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.