ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක්

©srilankabiz.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ අද හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති තරගය ආරම්භයට පෙර මෙම රක්‍ෂණාවරණය සංකේතාත්මකව ලබාදීම සිදු කෙරුණා. මෙමගින් පාසල්වල වයස අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ ක්‍රීඩකයින් රක්‍ෂණය කෙරෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමය වෙත රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. කොළඹ ඉසිපතන විද්‍යාලයට කැබිනට් පත්‍රිකාවක් මගින් පැවරුනු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය නිල වශයෙන් පාසල වෙත බාරදීම සිදු කෙරුණේද ක්‍රීඩා අමාත්‍යවරයා අතින්.

මේ අතර, පසුගිය වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී.ද සොයිසා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ප්‍රදානයක්ද අද සිදු කෙරුණා.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *