චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලිය, ඊයේ දියවන්නා ඔයේ දී පැවැත්වුණා. එහි පිරිමි අංශයේ ශූරතාව ගුවන් හමුදාවත්, කාන්තා ශූරතාව සබරගමුව විශ්ව විද්‍යාලයීය “ඒ” කණ්ඩායමත් හිමිකර ගත්තා.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ චින තානාපති කාර්යාලය ඒකාබද්ධව තරගාවලිය සංවිධාන කර තිබුණා. ඊට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර උතුරු ප්‍රදේශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු ද මීට එක්ව සිටියා.
විවෘත පිරිමි අංශයේ තුන්වන ස්ථානය හිමිකර ගත්තේ දියවන්නා ඔරු පැදීමේ සංගමයයි. අනුශූරතාව යුද හමුදාවටත් ශූරතාව ගුවන් හමුදාවටත් හිමිවුණා. විවෘත කාන්තා අංශයේ තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායමයි.
අනුශූරතාව සබරගමුව විශ්වවිද්‍යාල “බී” කණ්ඩායටත් ශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලයීය “ඒ” කණ්ඩායමටත් හිමිවුණා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා