2025 ජූනි 7 සහ 8 දිනයන්හි තායිපේ නගරයේ පැවැත්වීමට නියමිත ලෝක මලලක්‍රීඩා “ලෝකඩ” කාණ්ඩයේ තරඟයක් වූ තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද රාත්‍රී දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
චමෝද් යෝධසිංහ (පිරිමි මී 100), ලෙසඳු අර්තවිදු (පිරිමි උස පැනීම) සහ දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල) මේ සඳහා සහභාගිවන අතර පුහුණුකරු සහ කළමනාකරු වශයෙන් අසංක රාජකරුණා මහතා සහභාගිවීමට නියමිතය.
මෙම තරඟය සඳහා නම් කර තිබූ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ආබාධ සහ අසනීප තත්වයන් හේතු කොට කණ්ඩායමෙන් ඉවත්වන ලදී.
ශ්‍රීලංකා මලලක්‍රීඩා සභාපතිගේ ඉල්ලීම මත ගුවන් ටිකට් පත්, ආහාරපාන ඉඳුම්හිටුම් ආදී සියළු වියදම් තායිවාන් මලලක්‍රීඩා සංගමය විසින් දරණු ඇත.