ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් සමත්වුණා.
ඒ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තත්ත්පර 9යි දශම 7යි 7කින් ජය ගනිමින්.
ඔබ්ලික් සෙවිල් මෙම ඉසව්ව සඳහා වර්තාකල වේගවත්ම කාලය මෙයයි.
එම ඉසව්වේදී රිදී පදක්කම ජැමෙයිකාවේ ක්‍රිශේන් තොම්සන් හිමි කරගත්තේ තත්පර 9.82 කාලයක් වාර්තා කරමින්.
ඇමෙරිකාවේ නෝවා ලයිල්ස් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.
අමෙරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් ලෝකේ ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රිඩිකාව බවට පත්වුණා.
ඒ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව තත්ත්පර 10යි දශම 6යි 1කින් අවසන් කර රන් පදක්කම හිමි කර ගනිමින්.
එම ඉසව්වේ රිදී පදක්කම ජැමෙයිකාවේ ටීනා ක්ලේටන් ටත්,ලෝකඩ පදක්කම ශාන්ත් ලුසියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ් ටත් හිමිවුණා.
2025 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ටෝකියෝහිදි පැවැත්වෙනවා.