ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයද මෙම සිදුවීම තහවුරු කර තිබෙනවා.
අදාළ ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ඇවිද යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ රැඩිසන් බ්ලූ හෝටලයේ නවාතැන් ගෙන සිටිනවා.
කෙසේවෙතත් මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමය පැවසුවේ සිද්ධිය අවාසනාවන්ත වුවද, ක්‍රීඩිකාවන් ආරක්ෂක වළල්ලෙන් පිටතට ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.ලෝක කුසලානය අතරතුරදී
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ