වයස අවුරුදු 22 න් පහළ ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ රන් සහ රිදි පදක්කම් බලාපොරොත්තුවෙන් අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතයි.
ඊයේ දිනයේ දී හිරුණි විජේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදි පදක්කමක් හිමිකර ගත්තා.
තරගාවලිය පැවැත්වේනනේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී. හිරුණි විජේසිංහ ඊයේ තරග වැඳුණේ, කිලෝ ග්‍රෑම් 63 බර පන්තියේ අවසන් තරගයටයි. කසස්ථානයේ අලීනා කුඩෙයිගෙනෝවා, ඇයගේ ප්‍රතිවාදි ක්‍රීඩිකාවයි.
එම තරගයෙන් පරාජය වීම හේතුවෙන් හිරුණි විජේසිංහට රිදි පදක්කමක් හිමිවුණා. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු රිදි පදක්කම මෙයයි.
මේ අතර තරගාවලියේ අවසන් දිනය වන අද, කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ පිරිමි ඉසව්වෙන් මොහොමඩ් යස්මින් උසෙයිත් අවසන් තරගයට සහභාගී වනවා.
ඒ, කිරිගිස්ථාන ක්‍රීඩකයෙකුට එරෙහිවයි. මේ අතර, කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ කාන්තා ඉසව්වෙන් එස් නාරසිංහ කිලෝ ග්‍රෑම් 63 පර පන්තියේ කාන්තා ඉසව්වෙන් එන්. නායකරත්න සහ කිලෝ ග්‍රෑම් 81 බර පන්තියේ කාන්තා ඉසව්වෙන් එන්. තරුෂිකා අද අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි.