2025 ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.
පළමු වරට පැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගී වනවා. ඒ, රාජ්‍ය සේවා දැල්පන්දු කණ්ඩායම, වෙළෙඳ සේවා දැල්පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම, කොතලාවල ආක්‍ෂක විශ්වවිද්‍යාලයීය කණ්ඩායම, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ බෲනායි ජාතික කණ්ඩායමයි.
තරගාවලියේ මූලික වටයේ තරග ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණා. අද අවසන් තරග පැවැත්වෙන්නේ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.