ශූරයන්ගේ කුසලානයේ බී කාණ්ඩයේ පළමුවටයේ අවසන් තරගය අද එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර කරච්චි හීදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට දීමට තීරණය කළ එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 179ට දවාගැනීමට දකුණු අප්‍රිකා පන්දුයවන්නන් සමත් වුණා.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ජෝ රූට් ඒ ලකුණු 37ක්.
පන්දුයැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් හා වියාන් මූල්ඩර් කඩුලු 3 බැගින් දවාගත්තා.
ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට අවශ්‍යය ලකුණු 180ක් පමණයි.
ඇෆ්ගනිස්තානයට එරෙහි ලැබූ පරාජයෙන් පසු එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවුණා.
ඇෆ්ගනිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් පසු ඔස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණු ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවූවත් ඇෆ්ගනිස්තානය සමග ලකුණු සම තත්වයේ පසුවනවා. අද තරගය දකුණු අප්‍රිකාව ජයගත් පසු මීලග වටයට සුදුසුකම් ලබනවා.
ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක්වන්නේ නවසීලන්තය සහ ඉන්දියාවයි.