ඊයේ ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය් අතර 2025 ආසියානු කුසලානයේ දෙවන තරගය පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව සමත්වුණා.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුලින්ම පන්දුවට පහර දුන් අතර ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලු කඩුලු දැවී ලකුණු 57ක් පමණයි.
මේ ලකුණු සංඛ්‍යාව ඉන්දියාව හමුවේ විස්සයි විස්ස තරගයකදී ඕනෑම කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වුණා.
එමීර් රාජ්‍යය කණ්ඩායමේ ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට ඉඩ සැලසුණේ ආරම්භක පිතිකරුවන් යුගලයට පමණයි.
ඒ අනුව අලීෂාන් ෂරෆු ලකුණු 22ක් හා මොහොමඩ් වසීම් ලකුණු 19ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 7ට කඩුලු 4ක් හා ශිවම් ඩුබේ ලකුණු 4ට කඩුලු 3ක් දවාගත්තා.
ලකුණු 58ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 4යි පන්දු 3දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
අභිෂේක් ශර්මා ලකුණු 30යි. ශුබ්මන් ගිල් නොදැවි ලකුණු 20යි.
ඒ අනුව මෙවර ආසියානු කුසලානය ඉන්දියාව වාර්තාගත ජයකින් ආරම්භ කිරීමට සමත් වුණා.