එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වන හා අවසන් අළුබඳුන තරගාවලියේ තුන්වන දිනය අදයි. අද දිනට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 134ක් ඉදිරියෙන් සිටියා.
තුන්වන දිනට තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාසිටියා. දිනය අවසානයේදී ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 518ක් ලබාසිටියා.
තම 36වන ශටහකය ලබාගත් ස්ටීව් ස්මිත් ලකුණු 129ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර ට්‍රැවිස් හෙඩ් ලකුණු 166ක් ලබාගත්තා. ස්මිත් සමග කඩුල්ලේ රැඳී සිටින බියූ වෙබ්ස්ටර් නොදැවී ලකුණු 42යි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී බ්‍රයිඩන් කාර්ස් කඩුලු 3ක් හා බෙන් ස්ටෝක් කඩුලු 2ක් දවාගත්තා.
සිය පළමු ඉනිමට එංගලන්ත කණ්ඩායම ලකුණු 384ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව මේ වන විට එංගලන්තයට වඩා ලකුණු 134ක් ඉදිරියෙන් සිටිනවා.