2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති පුහුණු තරගය ශ්‍රී ලංකාව ඩක්වත් සහ ලුවින් න්‍යාය අනුව ලකුණු 12කින් ජය ගත්තා.
නැමීබියාවේ වින්ඩ්හෝක්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225ක්.
විරාන් චමුදිත ලකුණු 87 ක් ලබා ගත්තා.
ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 176ක ඉලක්කයක් හිමි වුණේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.
එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 163ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගය ජය ගත්තා.