බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 ඇතුලත කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 133ක් පමණයි.
එහිදී හසන් නවාස් ලකුණු 40ක් හා නායක අගා සල්මාන් ලකුණු 38ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 19ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවන් පන්දුවාර 20 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තීරනාත්මක ලකුණු 16ක් හා කඩුලු 4ක් දවාගත් ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග මෙම 20-20 තරගාවලිය තරග 1-1ක් ලෙසට සම තත්වයට පත්වුණා.