සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට 4-1ක විස්සයි විස්ස තරගාවලි ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට 4-1ක විස්සයි විස්ස තරගාවලි ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 1, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඊයේ පැවති පස්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 46කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

විශාල ලකුණු පුවරු දෙකක් නිර්මාණය වූ මෙම විස්සයි විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලබාගැනීමට සමත් වුණා. ඒ ඉන්දියාව විස්සයි විස්ස තරගයකදී ලබාගත් තුන්වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වුණා.

එසේම මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම හයේ පහර 23ක් එල්ල කළ අතර එය ඔවුන් විස්සයි විස්ස තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවට සමාන වුනා.

ඊට පිලිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 225ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් කිෂාන් සිය මංගල විස්සයි විස්ස ශතකය ලබාගනිමින් පන්දු 43ට ලකුණු 103ක් ලබාගත්තා. නායක සූර්ය කුමාර් යාදව් පන්දු 30ට ලකුණු 63ක් හා හර්දික් පාණ්ඩියා පන්දු 17ට ලකුණු 42ක් ලබාගත්තා.

ඉන්දීය ඉනිමේ කඩුලු ලබාගැනීමේදී ලොකී ෆර්ගසන් කඩුලු 2ක් හා ජේකබ් ඩෆී, කායිල් ජෙම්සන් හා මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

නවසීලන්ත පිතිකරුවන් ද ප්‍රවේගකාරී ලෙස පන්දුවට පහරදුන්නත් තරගයේ ජයග්‍රහනය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ. ලකුණු 225ට නවසීලන්ත සියලු කඩුලු දැවී ගියා.

ෆින් ඇලන් පන්දු 38ට ලකුණු 80ක් ලබාගත් අතර ඉෂ් සෝදි පන්දු 15ට ලකුණු 33ක් හා රචින් රවීන්ද්‍ර පන්දු 17ට ලකුණු 30ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් අර්ෂ්දීප් සිං කඩුලු 5ක් දවාගත් අතර අක්සාර් පටෙල් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව මෙම විස්සයි විස්ස තරගාවලිය තරග 4-1ක් ලෙස ඉන්දියාව ජයගත් අතර අවසන් තරගයේ වීරයා ලෙස ඉෂාන් කිෂාන් නම්කෙරුණා. තරගාවලියේ වීරයා සූර්ය කුමාර් යාදව්.

පෙර ලිපිය ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානය පිට පිට දෙවන විස්සයි විස්ස ජයත් ලබයි
Next Article ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය විස්සයි විස්ස තරගාවලියත් ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

කියවීමට මිනිත්තු 1 යි
Vibhav Suryawanshi
ක්‍රිකට්

රාජස්තාන් රෝයල්ස් කඩුලු 6ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?