නෙදර්ලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 20-20 තරගාවලියේ දෙවන තරගය කඩුලු 9කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 103ක් පමණයි.
ආර්යන් දත් ලබාගත් ලකුණු 30 නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතරව ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිංග් ලකුණු 24ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් නසූම් අහමඩ් කඩුලු 3ක් හා ටස්කින් අහමඩ් හා මුස්තෆිසූර් රෙහ්මාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන් 14වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 104ක් ලබාගෙන් ජයග්‍රහණය වාර්තා කළා.
ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පර්වේස් හුසේන් ලකුණු 23ක් ලබාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මේ තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට බංග්ලාදේශය ජයගෙන ඇති අතර තවත් තරගයක් ඉතිරිව පවතිනවා.
තරගයේ වීරය නසූම් අහමඩ්.