පකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20/ 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ජය වර්තා කිරීමට පකිස්ථානය සමත් වුණා.
තරගය පැවැත්වුණේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර විස්ස ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් රැස්කළා.
බ්‍රයන් බෙනට් ලකුණු 49 යි.
නායක සිකන්දර් රාසා නොදැවී ලකුණු 34 ක් රැස්කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් කඩුලු 2 යි.
පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 151 ක් රැස් කරමින්.
ෆකාර් සමාන් ලකුණු 44 යි.
උස්මාන් කාන් නොදැවී ලකුණු 37 ක් සහ මොහොම නවාස් නොදැවී ලකුණු 21 ක් රැස්කළා.