කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ පැවති, ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගය කඩුලු 10කින් ජයගැනීමට ඕස්ට්‍ර්‍රේලියාව සමත් වුණා.
ඉන්දියාවේ විශාකාපට්නම් හීදී පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හට ලබා ගත හැකිවුණේ කඩුලු 9ට ලකුණු 198ක් පමණයි.
ඒ සඳහා සොබානා මොස්තරි ලකුණු 66කින් හා රුබයියා හයිදර් ලකුණු 44කින් දායක වුණා.
බංග්ලාදේශ ඉනිම අඩු අකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වූ පන්දු යවන්නන් වන ඈෂ්ලි ගාඩ්නර්, ඇනබෙල් සදර්ලන්ඩ්, එලානා කින්ග් හා ජෝර්ජියා වෝහැම් කඩුලු 2 බැගින් දවාගත්තා.
මෙම පහසු ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම, කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 24.5දී ලකුණු 202ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.
සුපිරි පිතිකරණයක යෙදුණු නායක ඇලීසා හීලි නොදැවී පන්දු 77ට ලකුණු 113ක් හා ෆීබී ලිච්ෆීල්ඩ් ලකුණු 84ක් ලබාගන්නවා.
තවමත් අපරාජිතව සිටින ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට තරගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින මීළඟ තරගය අද දකුණු අප්‍රිකාවට එරෙහිව පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. තරගය පැවත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.