ශූරයන්ගේ කුසලානයේ බී කාණ්ඩයේ පළමු තරගය ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර කරච්චි නුවරදී පැවැත්වුණා. එම තරගය ලකුණු 107කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගත්තා.
අද දිනයේ කැපී පෙනෙන පිතිකරණයක නියැළුණු රයන් රිකල්ටන් ලකුණු 103ක් ලබාගනිමින් සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කළා. ඊට අමතරව නායක ටෙම්බා බවූමා ලකුණු 58ක්, රාසී වැන්ඩර්ඩසන් ලකුණු 52ක් හා ඒඩන් මාක්‍රම් ලකුණු 52ක් ලබාගත්තා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් නබී කඩුලු 2ක් හා ෆසාල්හක් ෆරුකී, අස්මතුල්ලා ඔමර්සායී, නූර් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී ලබාගත් හැකිවූයේ ලකුණු 208ක් පමණයි. පන්දුයැවීමේදී කගීසෝ රබාඩා කඩුලු 3ක් දවාගත් අතර වියාන් මූල්ඩර් හා ලුන්ගි එංගිඩි කඩුලු 2 බැගින් දවාගත්තා. තරගයේ වීරයා ශතකලාභී රයන් රිකල්ටන්.
හෙට (22) තරගය ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතරයි.