මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර වාර්ෂික එක්දින තරඟයේ ජය වේල්ස් කුමාර විද්‍යාලය සතු වුණා.
තරඟය පැවැත්වුණේ 40 වන වරට.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය වේල්ස් කුමර විද්‍යාලයේ නායක රිව්ත් ජයසූරිය ලබා ගත්තා.
ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
පන්දුවාර 50 අවසානයේදී කඩුළු හතක් දැවී ඔවුන් ලකුණු 224 ලබා ගැනීමට සම්ත්වුණා
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල සෙබස්තියන් ක්‍රීඩකයන් පන්දුවාර 38 කදී ලකුණු 119 කට සියළු දෙනාම දැවීගියා.
ඒ අනුව වේල්ස් කුමර විද්‍යාලය තරඟය ජය ගත්තේ ලකුණු 105 කින්.