ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ජපානයේ නිශින් හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 124කින් ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබාගත්තා.
ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ඉෂන් කිශන් පන්දු 46ට ලකුණු 80ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් ඇතුලත් වුණා. වෛභව් සූර්යවංශි ලකුණු 38යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා දුර්වල පිතිකරණයක නියැළුණු අතර 10 වන පන්දුවාරය වන විට සියලු කඩුලු ලකුණු 45ට දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් වූ එක ක්‍රීඩකයා නුවනිඳු ප්‍රනාන්දු වන අතර ඒ ලකුණු 15ක්.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්රීත් බුම්රා, අක්සර් පටෙල් හා අභිශේක් ශර්මා කඩුලු 2 බැගින් දවාගත්තා.
ඒ අනුව අවසන් පූර්ව තරගය ලකුණු 124කින් ජයගත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානය සමග අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.