සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

By Pradeep Gurusinghe
Published: මාර්තු 4, 2026
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ අවසන් හා තුන්වන තරගය ඊයේ සෙන්ට් ජෝර්ජ් හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළා.

මුලින් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත්තේ ලකුණු 119ක් පමණයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් චිනෙල් හෙන්රි නොදැවී ලකුණු 32ක් ලබාගත් අතර දියෙන්ද්‍රා ඩොටින් ලකුණු 28ක් හා ස්ටැෆනි ටේලර් ලකුණු 24ක් ලබාගත්තා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 16ට කඩුලු 2ක් දවාගත් අතර සුගන්ධිකා කුමාරි ලකුණු 32ට කඩුලු 2ක් දවාගත්තා. කවිශ්කා දිල්හාරි ලකුණු 13ට එක් කඩුල්ලයි.

මේ පහසු ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 17යි පන්දු 4දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ආරම්භක පිතිකරුවන් වන හසිනි පෙරේරා නොදැවී ලකුණු 52ක් හා නායක චමරි අතපත්තු ලකුණු 32ක් ලබාගත්තා. ඉමේෂා දුලානි නොදැවී ලකුණු 34යි.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. මේ තරගාවලියේ පළමු තරගය අයහපත් කාලගුණය නිසා අතහැර දැමීමට සිදුවුණා.

අවසන් තරගයේ වීරයා ලෙස හසිනි පෙරේරාත් තරගාවලියේ වීරයා ලෙස චමරි අතපත්තුත් නම් කෙරුණා.

පෙර ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් කණ්ඩායමට දඩ නියමකරයි
Next Article ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?