අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණා. පළමු දිනයේදී තරග 3ක් පැවැත්වුණු අතර, අමෙරිකාව සමග පැවති තරගය ඩත්වත් ලුවිස් න්‍යායට අනුව, කඩුලු 6 කින් ජය ගැනීමට සමත්වූයේ ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමයි. තරගය පැවත්වුණේ, සිම්බාබ්වේ හිදී.
කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, අමෙරිකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම ආරම්භ කළ අතර, ඔවුන් පන්දුවාර 35 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී ලකුණු 107 ක් රැස් කළා. නිටිෂ් සුදිනි ලකුණු 36 යි.
පන්දු යැවීමේදී හෙනිල් පටෙල් කඩුලු 5 ක් දවා ගත්තා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 37 කදී ලකුණු 96 ක ජයග්‍රාහී ඉලක්කයක් ඉන්දිය කණ්ඩායමට හිමි වුණා.
ඉන්දීය ක්‍රිඩකයින් පන්දුවාර 17 යි පන්දු 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින් තරගයේ ජය තමන් සතු කරගත්තා. අබියන් කුන්ඩු ලකුණු 42 යි. පන්දු යැවීමේදී රිට්වික් අපිඩි කඩුලු 2 ක් දවා ගත්තා.
තරගාවලියේ දෙවැනි තරගය ලෙස, පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාවේ සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම් අතර තරගය, වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
තෙවැනි තරගය ලෙස ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, නැමීබියාවේදී. එහිදී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ටැන්සානියා කණ්ඩායම පන්දුවාර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 122 ක් රැස් කළා. ඩෙලන් තාකර් ලකුණු 26 යි. පන්දු යැවීමේදී විටෙල් ලවෙස් කඩුලු 3 ක් බිඳහෙලුවා.
අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 21 ක් ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 124 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ටනෙස් ෆ්‍රැන්සිස් ලකුණු 52 ක් රැස් කළ අතර, ජෙවෙල් ඇන්ඩෘ ලකුණු 44 ක් ලබා ගත්තා.